×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ගැඹුරු පීඩන අවපාතය ලංකාවට තවත් ලංවෙයි

Local  •  Published on: 2026-01-09 17:46:15

නිරත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) රාත්‍රී 7 වන විට මඩකලපුව සිට කිලෝමීටර් 80ක් පමණ ඊශාන දෙසින් පිහිටා තිබෙනවා.

එය හෙට (10) සවස් කාලයේ දී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.

මේ අනුව හෙට (10) දිනයේ දී උතුරු පළාත විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා වූ සුළං ඇති විය හැකි වනවා.

තවද යාපනය දිස්ත්‍රික්කයට හෙට (10) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ ඇතැම් ස්ථානවලට මි. මී. 100 ඉක්මවූ තද වැසි ඇති විය හැක.