×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන නියමු වැඩසටහන ඌව පළාතටත්

Local  •  Published on: 2026-01-10 12:51:55

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල යටතේ ඌව පළාත තුළ බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධව හඳුන්වා දීමේ වැඩසටහන ඊයේ (09) බදුල්ල ඌව පළාත් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

මෙම වැඩසටහනේ දී ඌව පළාත් මඟී ප්‍රවාහන අධිකාරිය හා සම්බන්ධ සියලුම බස් හිමියන් සහ බැංකු නියෝජිතයින් දැනුවත් කරනු ලැබුවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසන්නේ බැංකු කාඩ්පත් මඟින් ඩිජිටල් ගෙවීම් ලබා ගැනීමේ පහසුකම සහ එයින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව විස්තරාත්මක දැනුවත් කිරීම සිදුකළ බවයි.

මාස කිහිපයක් තුළ ඌව පළාත් මඟී ප්‍රවාහන අධිකාරියට අයත් සියලුම බස් රථ සඳහා මෙම ඩිජිටල් ගෙවීම් පහසුකම ලබාදීම සඳහා බස් හිමියන් මෙහිදී එකඟ වී තිබෙනවා.