×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය බාහිර පාර්ශවයකට අතට යාම ගැන විමර්ශන අරඹයි

Local  •  Published on: 2026-01-11 07:14:46

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයකගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම නිරීක්ෂණය වූ ඇති බවයි.

අදාළ ගැටලුව යථාවත් කර ගැනීම සඳහා SL CERT සහ ICTA ආයතන මඟින් අවශ්‍ය පියවර ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

මේ අතර මෙම වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපැහැදිලි බවක් නිරීක්ෂණය වීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම්වරයා පසුගිය 9 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිකත් කර තිබෙනවා.

අදාළ පැමිණිල්ල මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.