×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

සංස්කෘතිය බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩනගන්න බෑ - පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමි

Local  •  Published on: 2026-01-11 13:40:53

පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අවශ්‍යතාව තිබුණත් එය සිදු කළ යුතු ආකාරය මෙය නොවන බව පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමියන් පවසනවා.

දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ පිළිබඳව ලියවුණු චරිතාපදාන පොතක් එළිදැක්විමේ උත්සවයේ ප්‍රධාන දේශනයට එක්වෙවෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

රටේ සංස්කෘතිය විනාශ කරමින් සහ බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩ නැගීමට හැකියාවක් නොමැති බවද උන්වහන්සේ මෙහිදී පවසා සිටියා.

''පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඕනේ කියලා අපි පිළිගන්නවා. ඒ පිළිගන්න වෙනස මේක නෙවෙයි. අද මේ අධ් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් කියනවා කුමරි බඹසර කඩපල්ලා.. කුමර බඹසර කඩපල්ලා.. මහා නායක හාමුදුරුවෝ ගාවට ගිහින් කියනවා ලින්ක් එක දැම්මට අපි ඒකට යන්න කිව්වේ නෑ අපේ හාමුදුරුවනේ කියලා. මහා නායක හාමුදුරුවෝ ගොන් නෑ. ඇතැම් පාලකයෝ වගේ.. මහා නායක හාමුදුරුවන් තුන් කල් දකින ඥානයක් තියෙනවා.උන්වහන්සේලා මේ විගඩන් දිහා බලන් ඉන්නවා. රටේ සංස්කෘතිය හෝදලා දාලා, රටේ සමාජයේ තියෙන බෞද්ධ උරුමය නැති කරලා ගොඩනගන රට මොකක්ද?''