×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා

Local  •  Published on: 2026-01-12 03:08:27

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධූරයේ වෙනසක් කිසිසේත් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ අගමැති හා අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එකී ධුරයෙන් ඉවත් කිරීමේ හෝ අස්වීමේ සූදානමක් ඇතැයි පැතිරෙන ප්‍රචාරයන්හි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සතිඅන්ත පුවත්පතක් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින්.

අග්‍රාමාත්‍ය ධූරයේ හෝ අධ්‍යාපන ඇමති ධූරයේ වෙනස් කිරීමට කිසිඳු පදනමක් නොමැති බවත් ඇය එම ධූරයෙන් හි කටයුතු කිරීමේ දී කිසිඳු වරදක් සිදු කර නොමැති බවත් ඔහු පැවසුවා.

ජවිපෙ ලේකම්වරයා පවසන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මතුව ඇති තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවයි.

එම පරීක්ෂණ අනුව වරද සිදුව ඇත්තේ කොහෙද යන්න අනාවරණය වනු ඇති බවත් අගමැතිනිය ඉවත් කරනු ඇතැයි කියමින් විපක්ෂය දකින්නේ දවල් හීන බවත් ඒ මහතා පවසනවා.

ටිල්වින් සිල්වා මහතා කියා සිටින්නේ අගමැති හරිනි අමරසූරිය මෙනවිය ඉලක්ක කර පහර දෙන්නේ ඇය විපක්ෂයට අභියෝගයක් නිසා බවයි.