×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්

Local  •  Published on: 2026-01-12 03:29:54

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත යොමු කළ සංදේශයේ උන්වහන්සේ සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරියගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් තහවුරු වීමට ආණ්ඩුව යටතේ ද රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බරපතළ අන්තරායක තත්ත්වයකට මුහුණ දී ඇති බවයි.

මේ අයුරින් දුර්වල හා ජනතාව හා රට පිළිබඳව තැකීමක් නොමැති ආණ්ඩුවක සෘජු හානිය රටට හා ජනතාවට සිදුවන බවද උන්වහන්සේ සිය සංදේශය තුළින් පෙන්වා දෙනවා.

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භික්ෂූන්ගෙන්, අන්‍යාගමික පූජකයින්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ අධ්‍යාපන විශේෂඥයින්ගෙන් අදහස් ලබාගෙන නොමැති වීමෙන් එහි විනිවිදභාවයෙන් තොර බවද ඇල්ලේ හිමියන් සඳහන් කරනවා.

එබැවින් ප්‍රතිසංස්කරණ ගෙන ආ ක්‍රමය මුල සිටම වැරදි සහගත බවත් එහි වලංගුතාවයක් නොමැති එම සංදේශයේ පෙන්වා දී තිබෙනවා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි යොමු කර ඇති සංදේශයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ භික්ෂුවකගේ ඓතිහාසික යුතුකම ඉටු කරමින් එකී අනතුරින් රටත්, ජනතාවත්, සහ බුද්ධ ශාසනයත් බේරා ගැනීමට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කඩිනමින් කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි.