×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ඇමති විජිතගේ ඉල්ලීම චීන විදේශ ඇමතිගෙන් සුබවාදී පිළිතුරක්

Local  •  Published on: 2026-01-12 11:11:02

මෙරට සිදුවූ ස්වභාවික ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බව හඳුනාගත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් චීන රජයෙන් සහාය පතා සිදුකළ විශේෂ ඉල්ලීම කෙරෙහි තමන් පෞද්ගලිකව මැදිහත් වන බව චීන විදේශ කටයුතු අමාත්‍ය Wang Yi මහතා සහතික වී තිබෙනවා.

මෙරට ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිවැරදි මාවතේ ගමන් කරන බව විශ්වාස කරන බවත් ඒ සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් මෙරට සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍යවරයා නැවත වරක් තහවුරු කළා.

චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය Wang Yi මහතා අද (12) උදෑසන ශ්‍රී ලංකාවේ කළ කෙටි සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා හමුවුණා.

මෙහිදී විජිත හේරත් මහතා දිට්වා සුළි කුණාටුවෙන් පසු චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් හදිසි ආපදා සහන වෙනුවෙන් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළකර තිබෙනවා.

ඊට අමතරව අමාත්‍යවරුන් දෙදෙනා අතර සාකච්ඡාවේ දී වෙළෙඳ හා ආයෝජන, සංවර්ධන සහයෝගීතාව සහ සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු වූ බව සඳහන්.