ග්‍රීන්ලන්තය හොදින් හෝ නරකින් අත්පත් කරගන්නවා - ඩොනල්ඩ් ට්‍රම්ප්
Foreign • Published on: 2026-01-12 14:07:51
පහසුවෙන් නොහැකි නම් අපහසුවෙන් හෝ ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් තහවුරු කර තිබෙනවා.
ඔහු පවසන්නේ ග්‍රීන්ලන්තය අල්ලා ගැනීමට තමන් ඉදිරිපත් නොවුණහොත් ඉදිරි කාලයේ දී රුසියාවට හෝ චීනයට එය අත්පත් කරගත හැකි බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියේ,
"පහසුවෙන් ග්‍රීන්ලන්ත භූමිය අත්පත් කර ගැනීමේ ගිවිසුමට එළැඹීමට නොහැකි නම්, දුෂ්කර ආකාරයෙන් එය කිරීමට සිදුවෙනවා" ට්‍රම්ප් පවසයි.
"ඔවුන් කැමති වුණත් නැතත් අපි ග්‍රීන්ලන්තයේ යමක් කරන්න යනවා. අපි එය නොකළොත් රුසියාව හෝ චීනය ග්‍රීන්ලන්තය අත්පත් කර ගනීවි. අපට රුසියාව හෝ චීනය අසල්වැසියෙක් කරගන්න ඕන නෑ".
මේ අතර තමන්ට අමෙරිකානු වීමට අවශ්‍ය නොමැති බව ග්‍රීන්ලන්තය පක්ෂ විපක්ෂ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ තවද ඩෙන්මාර්ක් ජාතිකයෙක් වීමට අවශ්‍ය නොමැති බවයි.
"අපි ග්‍රීන්ලන්ත ජාතිකයන් වීමට කැමතියි. ග්‍රීන්ලන්තයේ අනාගතය ග්‍රීන්ලන්ත ජනතාව විසින් තීරණය කළ යුතුය".