මොන ව්‍යසනය හමුවේ වුවත් න්‍යාය පත්‍රයන් හකුලන්නේ නැහැ - ජනපති
Local • Published on: 2026-01-13 12:43:06
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ව්‍යසනය කිසිඳු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මන්‍ය කිරීමට භාවිත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක 'REBUILDING SRI LANKA'ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට එක්වෙමින්.
ආර්ථික ව්‍යසනයකට මුහුණ දී තිබුණු රට ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතක සුළි කුණාටුවට මුහුණ දීමට රටට සිදුවූ නමුත් ඒ තුළින් රජයට කිසිඳු අවස්ථාවක ඇඟ බේරා ගැනීමට අවශ්‍යතාවයක් ඇති නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
"අපි පොරබඳන්නේ අපි සකස් කර ඇති න්‍යාය පත්‍රය හකුළුවන්නේ නැතුව මේ ව්‍යසනයට මුහුණදෙන්නේ කොහොමද?.
අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල් තියලා ඇඟබේරා ගන්න හැකියාව තිබුණා අවශ්‍ය නම්. ඉතිහාසයේ අපි එහෙම තමා ගමන් කරේ. අවුරුදු 30ක් සියලු විනාශයන් හේත්තු කළා යුද්ධයකට. එහෙමයි අපිට තිබුණේ.
යම් වසංගත තත්ත්වයන් තමා මේ ව්‍යසනයේ ආවරණය බවට පත්කර ගත්තේ. අපිට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නෑ අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට මෙය භාවිත කරන්නෙ නෑ කියලා තීරණයකට ආවා."