×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන  •  යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්  •  පසුගිය වසරේ දී SPC හි ලොකු ප්‍රගතියක්  •  නායයාමේ අවධානමක් නිසා අම්බුළුවාව කන්ද ආශ්‍රිත නිවාස 18ක පදිංචිකරුවන් ඉවත් කරයි  •  නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

ලෝක කුසලාන තරඟාවලියට බංග්ලාදේශ කණ්ඩායමේ සහභාගීත්වය කොට උඩ?

Sports  •  Published on: 2026-01-14 05:01:15

ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ තරඟ ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීන්දුව එලෙසම සිටින බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ඊයේ (13) නැවත වරක් තහවුරු කළා.

ඉන්දියාවේ ක්‍රීඩා කරන තරඟ ශ්‍රී ලංකාවට ලබා දෙන මෙන් ඉල්ලා බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ICCය සමඟ ඊයෙ (13) පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව සිය තීන්දුව දැනුම් දෙමින් එම ක්‍රිකට් ආයතනය නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙහිදී ICC පෙන්වා දී පෙන්වා දී ඇත්තේ තරඟාවලියේ කාලසටහන දැනටමත් සකස් කර ඇති බැවින් සිය ස්ථාවරය වෙනස් කළ කළ නොහැකි බවයි.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවේ දී තර්ජනයක් නොමැති බවද ICC පසුගියදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.

එම නිසා තරඟ කාලසටහන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔවුන් මෙහිදී පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් බංග්ලාදේශයේ ඉල්ලීමට ICC යෙන් සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණහොත් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ අඛණ්ඩව තරඟාවලි 9කට සහභාගී වූ බංග්ලාදේශය නොමැතිව මෙවර ලෝක කුසලානය පැවැත්වෙනු ඇති.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන පෙබරවාරි 7 වනදා ආරම්භ වීමට නියමිතයි.

බංග්ලාදේශ මුලික වටයේ දී ක්‍රීඩා කරන තරඟ 4න් පළමු තරඟ 3 කොල්කටා හිදී අනෙක් තරඟය මුම්බායි හිදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පෙළඹවීම මත ලබන IPL තරඟාවලියෙන් මුස්තාෆිසුර් රහ්මාන් ඉවත්කිරීමට ගත් තීරණය බංග්ලාදේශය, ඉන්දියාවේ තරග ක්‍රීඩාකිරීමට ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන ලෙස බලපෑ කරුණක් වුණා.

ඉන්දියාවේ මෙම තීරණය සමඟ බංග්ලාදේශය තුළ IPL තරඟාවලිය විකාශනය කිරීමට ද තහනම් තීරණය කළා.