×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන  •  යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්  •  පසුගිය වසරේ දී SPC හි ලොකු ප්‍රගතියක්  •  නායයාමේ අවධානමක් නිසා අම්බුළුවාව කන්ද ආශ්‍රිත නිවාස 18ක පදිංචිකරුවන් ඉවත් කරයි  •  නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව ගැන වාර්තාවකින් හෙළි වූ දේ

Local  •  Published on: 2026-01-15 10:18:41

දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව සමීක්ෂණ වාර්තාවකින් හෙළිව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නවතම වාර්තාවකින් මේ බව පෙන්වා දෙනවා.

ඒ අනුව සුළි කුණාටුවෙන් වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක විසි දෙකෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 85ක් ආවරණය කළ කිරීමෙන් පසු සිදුකරන ලද සමීක්ෂණයකින් පසුවයි.

එයට ප්‍රතිචාර දැක්වුවන්ගේ 95%ක්ම තම ප්‍රදේශවල නේවාසික, කාර්මික හෝ ප්‍රජා යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති බව සඳහන් කර තිබෙනවා.

ඊට නිවාස සහ මාර්ග වැඩි ගණනක් ඇතුළත් ඇති බව වාර්තා වනවා.

සුළි කුණාටුවෙන් හානියට පත් යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ දී අනුමැතීන් ලබා ගැනීමේ දී ඊට අදාළ ආයතන අතර පවතින දුර්වල සම්බන්ධීකරණය නිසා ප්‍රමාදයන් සිදුවන බව එහි සඳහන් වනවා.

ඔවුන්ගේ වාර්තාවෙන් පෙන්වා දෙනෙන් ඉදිකිරීම් කටයුතු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍යවල හිඟයක් පවතින බවයි.

ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගැනීමේ දී ඇතැම් ජනතාවට සීමාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කරනවා.

ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම් එල්ල වී ඇති බවත් ඔවුන්ගේ ජිවනෝපාය සුරක්ෂිත කර ගැනීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍ය බවත් එම වැඩසටහන සිය වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.