×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන  •  යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්  •  පසුගිය වසරේ දී SPC හි ලොකු ප්‍රගතියක්  •  නායයාමේ අවධානමක් නිසා අම්බුළුවාව කන්ද ආශ්‍රිත නිවාස 18ක පදිංචිකරුවන් ඉවත් කරයි  •  නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

Local  •  Published on: 2026-01-16 03:48:51

කුඩා ප්‍රංශ හමුදා කාණ්ඩයමක් තොරතුරු එක් රැස් කිරීමේ මෙහෙයුමක් සඳහා පසුගියදා ග්‍රීන්ලන්තයට පැමිණි ඇති බව වාර්තා වනවා.

මේ අනුව දැනටමත් ජර්මනිය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල හමුදා කණ්ඩායම් විවිධ මෙහෙයුම් සඳහා ග්‍රීන්ලන්තයට පැමිණ තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මාක්‍රෝන් කියා සිටියේ තවත් බලඇණි එම කණ්ඩායමට එකතු වනු ඇති බවයි.

ග්‍රීන්ලන්තය යටත් කර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් අවධාරණය කර තිබෙනවා.

මෙවැනි වටපිටාවක නේටෝ සංවිධානයේ සාමාජික රටවල හමුදාවන් මෙලෙස ග්‍රීන්ලන්තයට පැමිණ ඇති බව වාර්තා වනවා.