×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන  •  යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්  •  පසුගිය වසරේ දී SPC හි ලොකු ප්‍රගතියක්  •  නායයාමේ අවධානමක් නිසා අම්බුළුවාව කන්ද ආශ්‍රිත නිවාස 18ක පදිංචිකරුවන් ඉවත් කරයි  •  නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

නායයාමේ අවධානමක් නිසා අම්බුළුවාව කන්ද ආශ්‍රිත නිවාස 18ක පදිංචිකරුවන් ඉවත් කරයි

Local  •  Published on: 2026-01-16 05:21:19

අම්බුළුවාවේ කන්ද ආශ්‍රිත සිංහාපිටිය ප්‍රදේශයේ නිවාස 18ක පදිංචිකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙලෙස ඉවත් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ නාය යාමේ අවධානම් වාර්තාවක් හේතුවෙනි.

අම්බුළුවාවේ ජෛව විවිධත්ව සංකීර්ණයේ එක් බෑවුමක පොළවේ පවතින පැලීම් කිහිපයක් නිරීක්ෂණය කළ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් ඊට පහළින් ආසන්නයේ ඇති නිවාස 7ක් අධි අවධානම් කලාපයේ පවතින නිර්දේශ කර තිබෙනවා.

තවත් නිවාස 6ක් මධ්‍ය අවධානම් කලාපයේ පවතින බවද එම සංවිධානය දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානි චතුරි සුබසිංහ කියා සිටියේ මධ්‍යම කඳුකරයේ ඉහළ ස්ථාන ගණනාවක පැලීම් නිරීක්ෂණය වන බවත් මේ සම්බන්ධයෙන් සිදු කරන නිරීක්ෂණවලින් පසු ගන්නා තීරණ දිසාපතිවරයා බාරදෙන බවයි.