×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

වසන්ත, මහින්ද, රංජන් අත්අඩංගුවට ගන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Local  •  Published on: 2025-09-27 04:38:07

වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අය අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් නම් ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් 2020 වසරේ දී ව්‍යාජ බදු ඔප්පුවක් සකසා රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් සිදුකළ බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (26) කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම නඩුවේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් සිදුකළා.

කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලදී අනාවරණය වී නොමැති බවයි.

නඩුව 2026 පෙබරවාරි 27 වනදා යළි කැඳවීමට නියමිතයි.