×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

රාජිතට එරෙහිව අධිචෝදනා ගොනු කරනවා - අල්ලස් කොමිසම අධිකරණයට හමුවේ දැනුම් දෙයි

Local  •  Published on: 2025-09-27 07:03:31

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම ඊයේ (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දෙනු ලැබුවා.

අදාළ නඩුකරය ඊයේ (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවා තිබුණා.

මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ අදාළ සිද්ධියේ විමර්ශන කටයුතු අවසන් වීමෙන් අනතුරුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය නම් කර ඇති ආතර් ඔවුන් මේ වන විට අධිකරණයට විසින් ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම නඩුකරය යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට නියමිතයි.