×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පළවූ පුවතට පොලීසියෙන් ප්‍රතිචාර  •  සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ - කාදිනල් හිමි  •  සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී  •  ජපාන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තුවේ ශ්‍රී ලංකාවට  •  ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැනුවත් කෙරේ

කෙහෙළියගේ නිවසේ මෙහෙකාරියට ඇප

Local  •  Published on: 2025-06-17 14:44:11

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් 15 දෙනෙකු ඇතුළත් කර රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වැටුප් හා දීමනා වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඒ මහතාගේ නිවසේ මෙහෙකාරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද (17) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාරිය විසින් ගනුදෙනු කළ බැංකු ගිණුමක් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන් කළේය. පස් කැපීමේ ව්‍යාපාරයක් සඳහා එම බැංකු ගිණුම ආරම්භ කළ බව සැකකාරිය ප්‍රකාශ කළත් එහි මුදල් හුවමාරු වී ඇති ආකාරය පිරික්සීමේදී එවැනි ව්‍යාපාරයක් පවත්වා නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් කියා සිටියේය. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, මෙම සැකකාරිය විසින් පරිහරණය කර තිබෙන්නේ තුන්වන සැකකාර නිශාන්ත බස්නායක නැමැත්තාගේ බැංකු ගිණුමේ මුදල් බවත් එම මුදල් රජයේ මුදල් නොවන බවත් සඳහන් කර සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකාරිය රුපියල් මිලියනය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළාය. ඇයගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝගයක් නිකුත් කළේය. ඉන් අනතුරුව නඩුව යළි ඔක්තෝම්බර් මස 10 වන දා කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.