×

Search News

LATEST NEWS

දුරගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර විශේෂ මූලික තත්ත්ව පරීක්ෂණයක්

සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

මේ අනුව ලබන මස මුල සිට එය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වනවා.

මූලික අදියර තුළ කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ජාතික ගමනාගමන කොමිසමේ අධීක්ෂණය යටතේ එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අමතරව දුර ගමන් විනෝද චාරිකා බස් රථ ද මෙම තත්ත්ව පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය කෙරෙනු ඇති.

එම තත්ත්ව පරීක්ෂණයෙන් තොරව කිසිඳු දුර ගමන් විශේෂ චාරිකාවක් සඳහා අනුමැතිය හිමි නොවුණු බවද වාර්තා වනවා.

කිලෝමීටර් 100ට වැඩි දුරක් ගමන් ගන්නා බස් රථ ධාවනය ආරම්භයට පැය 48ට පෙර යෝග්‍යතා සහතිකයක් ලබා ගැනීම මෙහිදී සිදු කළ යුතු වනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ සඳහා අවශ්‍ය උපදේශයන් චක්‍රලේඛයක් මඟින් නිකුත් කිරීමට කටයුතු මේ වන විට සිදු කරන බව සඳහන්.

අදාළ ක්‍රියාවලිය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේදී රථවාහන අලුත් වැඩියාවන් සිදුකරන ලබා ස්ථාන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් පරික්ෂා කර ඔවුන්ට අදාළ පරීක්ෂාවන් සිදුකර යෝග්‍යතා සහතිකයක් නිකුත් කිරීමේ බලය ලබාදීමට සිදු කරනු ඇති.

මේ අනුව මෙම ක්‍රියාවලිය දිවයින පුරා සිදුකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Previous Article Next Article