ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිඝනක පද්ධතිය යථා තත්තවයට
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිඝනක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසුවේ මේ හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කළ බවයි.
ඔහු සඳහන් කළේ මේ අනුව ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බවත් ගමන් බලපත්‍ර, එක්දින ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුකරමින් පවතින බවත්ය.
තවද කඩිනමින් නිකුත් කළ යුතු සහ ඉතා අත්‍යවශ්‍ය සැපයීම් කටයුතු මේ වන විට ආරම්භ කරද තිබෙනවා.
පද්ධතිය යථාවත් වීම සම්ම්න්ග දෙපාර්තමේන්තුවේ ශාඛා ජාලයන්හි කටයුතු ද මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.
ඊයේ (12) වැනි දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිඝනක දත්ත පද්ධතියේ ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් එහි සේවා බිඳ වැටුණා.