×

Search News

LATEST NEWS

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි

මෙරට කීර්තිමත් දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ කලක් රෝගාතුරව සිටි විතාරණ මහතා අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි.

මියයන විට ඒ මහතා 91 වන වියේ පසුවුණා.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු, අමාත්‍ය වරයකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක් හොබවා ඇති ඒ මහතා මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් ද වනවා.

 

1974 වසරේ ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට අත්පොත් තැබූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සංවිධානය සහ ශ්‍රී ලංකා කොම්යුනිස්ට් පක්ෂයේ විවිධ තනතුරු හෙබවූ අයෙකි.

Previous Article Next Article