බංග්ලාදේශයේ මහ මැතිවරණයෙන් බහුතර බලය BNP පක්ෂයට
බංග්ලාදේශයේ මහ මැතිවරණයෙන් Bangladesh Nationalist පක්ෂය පාර්ලිමේන්තු ආසන 300න් 209ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
මේ අනුව එම පක්ෂයේ නායක හිටපු අගමැතිනි කලීසා සියා පුත් තාරික් රහ්මාන් බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.
2024 වසරේ බංග්ලාදේශයේ හි පැවැති දැවැන්ත විරෝධතා මාලාවෙන් පසුව එරට පැවැත්වූ ප්‍රථම මහ මැතිවරණය ඊයේ (12) දිනයේ අවසන් වුණා.
නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීම මෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීමද මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණ වනවා.
මේ අනුව එරට ඉතිහාසයේ ඡන්ද විමසීම දෙකක් එකවර පැවැත්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනවා.
කෙසේ නමුත් ධූරයෙන් පහකළ එරට හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ අවාමි ලීගයට මෙවර මැතිවරණය සඳහා තරග කිරීම තහනම් කර තිබුණා.