UK පුරවැසියන්ට වීසා නොමැතිව චීනයට යන්න අවස්ථාවක්
දින 30කට අඩු කාලයක් සඳහා චීනයේ සංචාරය කරන එක්සත් රාජධානියේ පුරවැසියන් සඳහා වීසා රහිත ගමන් පහසුවක් ලබාදීමට චීනයෙන් අවස්ථාව ලබාදී තිබෙනවා.
එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමර් මහාගේ චීනයේ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වනවා.
මේ අනුව ව්‍යාපාරික කටයුතු සඳහා හෝ සංචාරකයින් ලෙස දින 30කට අඩු කාලයක් චීනයට පැමිණෙන පුද්ගලයින්ට වීසා බලපත්‍රයක් නොමැතිව එරට තුළ රැඳී සිටීමට අවස්ථාව හිමිවෙනවා.
චීනය මෙම පහසුකම දැනටමත් ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 50කට ලබාදී තිබෙනවා.