ක්‍රිස්ටලීනා ජෝර්ජිවා ලබන මසදී ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා ලබන මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි IMF නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 28 වනදා පැවැති හමුවකදී එහි ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා විසින් මේ බව තහවුරු කර ඇති බව සඳහන්.
ඇයගේ සංචාරය අතරවාරයේ දී මෙරට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සාර්ථකත්වය සොයා බැලීමට සහ IMF අඛණ්ඩ සහාය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබාදීම සහතික කිරීම සඳහා ඇය දිවයිනට පැමිණෙන බවයි.