×

Search News

LATEST NEWS

ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් පළමු වනදා සිට අලුත් බද්දක්

ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් පළමු වනදා සිට 2.5%ක බද්දක් හඳුන්වා දීමට නියමිතව තිබෙනවා. 

වාහන ආනයනකරුවන් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ මහතා පවසන්නේ මෙය 2026 අයවැයෙන් අනුමත වූ බද්දක් බවයි.

කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

එය දැනට නිෂ්කාශන වන වාහන සඳහා බලනොපාන බවද ඔහු සඳහන් කරනවා.

ඒ මහතා කියා සිටින්නේ අදාළ බදු අය කිරීම රේගුවේ දීම සිදුවන බවයි.

"වාහනයක වටිනාකම වැඩි නිසා 2.5%ක් කියන්නේ ටිකක් දැනෙන බද්දක්. සරලව ගත්තොත් ලක්ෂ 100ක් වටිනා වාහනයක මිල ලක්ෂ දෙක හමාරකින් විතර වැඩිවෙනවා. 

එනිසා බද්දක් එකතුවූ බැවින් වාහන මිලේ සැලකිය යුතු වැඩිවීමක් බලාපොරොත්තුවෙන්න පුළුවන්"

Previous Article Next Article