අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්?
වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා.
ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසන්නේ මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.
වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පුර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විට රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීම සඳහා අවධානය යොමුව ඇති බව සඳහන්.
ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර මේ සම්බන්ධව ද රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරිය පැවසුවා.
ඇය පෙන්වා දෙන්නේ ළමුන් අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් සිදුවන විවිධ සදාචාර විරෝධී සිදුවීම්වල ඉහළ යාමක් දැනටමත් දක්නට ඇති බැවින් සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි.
මේ වන විටත් ළමුන්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීමට ද තීරණය කර තිබෙනවා.
ඒ සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිවුණා.