×

Search News

LATEST NEWS

නිදහස් දින සැමරුමට විශේෂ රථවාහන සැලැස්මක්

78 වන ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (3) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පොලීසිය පවසන්නේ අද (30), හෙට (31) සහ පෙබරවාරි 2 වන දින පෙරහුරු පැවැත්වෙන බවයි.

ඒ අනුව එම දිනවල උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා නිදහස් චතුරස්‍රය අවට මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කිරීම් පනවනු ඇති.

තවද පෙබරවාරි 1 වනදා පෙරවරු 5 සිට දහවල් 1.30 දක්වා සහ පෙබරවාරි 4 වන දින පෙරවරු 5 සිට නිදහස් දින උත්සවය අවසන් වන තෙක් අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කරන බවද පොලීසිය සඳහන් කරනවා.

මෙම කාලය තුළ කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම වෙනුවෙන් මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාත්මක කෙරෙනවා.

Previous Article Next Article