×

Search News

LATEST NEWS

ටෙස්ට් නායකයා සංචිතයෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට යන කණ්ඩායම නම් කරයි

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (01) නම් කරනු ලැබුවා.

මේ අනුව ශ්‍රී ලංකා සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කරමින් නැවත කමිඳු මෙන්ඩිස් කැඳවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් සඳහා සිය අවසන් සංචිත ප්‍රකාශයට පත් කිරීමට ලබාදී තිබූ කාල සීමාව ඊයේ (31) දිනයෙන් අවසන් අවසන් වුණා.

මේ අනුව පන්දුවාර 20 ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් සංචිතය ප්‍රකාශයට පත් කිරීම අවසන් අවස්ථාව තෙක් කල් ගනිමින් පසු වුණා.

පසුව මෙරට ක්‍රිකට් තේරීම් බලධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ශ්‍රී ලංකා සංචිතය ICCය වෙත යොමු කර තිබුණා.

මේ දිනවල එංගලන්තයට එරෙහිව ලංකාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර දැමූ කමිඳු මෙන්ඩිස් ලෝක කුසලානය වෙනුවෙන් කැඳවීමට පියවර ගෙන තිබීම ද විශේෂත්වයක් වනවා.

මෙහිදී අවසන් වූ විස්සයි විස්ස තරඟාවලි කිහිපයකදීම කිසිඳු සාර්ථකත්වයක් නොපෙන්වූ ටෙස්ට් නායක ධනංජය ද සිල්වාට ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබීම සම්බන්ධව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දැඩි ප්‍රසාදයකට ලක්ව තිබුණා.

මේ අනුව පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය වන්නේ

නායක දසුන් ශානක
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කමිල් මිශාර
කුසල් ජනිත් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
චරිත් අසලංක
පවන් රත්නායක
ජනිත් ලියනගේ
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
එශාන් මාලිංග
මතීෂ පතිරණ

මෙවර තරඟාවලියේ මූලික වටයේ දී B කාණ්ඩයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ බිමට පිවිසෙනවා.

එහිදී ශ්‍රී ලංකා සහභාගී වන පළමු තරඟය යර්ලන්තය සමග පෙබරවාරි මස 8 වැනිදා කොළඹ R. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Previous Article Next Article