×

Search News

LATEST NEWS

කොස්තාපල්වරයෙක්ට පොලිස් රස්සාව එපා වෙයි

නිසි ලෙස විවේකයක් නොමැතිව රාජකාරි කටයුතුවල යෙදවීම හා දැඩි මානසික පීඩනය හේතුවෙන් කොස්තාපල්වරයෙක් පොලිස් රාජකාරීවලින් ඉවත්ව ගොස් තිබෙනවා.

 

මෙලෙස රාජකාරියෙන් ඉවත්ව ඇත්තේ මාතර කැකනදුර ප්‍රදේශයේ පදිංචි අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකි.

 

අලුත්ගම පොලීසියට අනුයුක්තව රාජකාරී සිදුකළ ඔහු අද (07) දහවල් රාජකාරිය විවේකයකින් තොරව යෙදවීම නිසා දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බව පවසා තිබෙනවා.

 

මේ හේතුවෙන් ඔහුට රාජකාරිය සිදු කිරීමට නොහැකි බව පවසා පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ ඒ සම්බන්ධව සටහනක් ද යොදා ඇති බවද වාර්තා වනවා.

 

පොලිස් කොස්තාපල්වරයා රාජකාරියෙන් ඉවත්ව යන මොහොතේ සිය පෞද්ගලික දේපල ද රැගෙන පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

Previous Article Next Article