×

Search News

LATEST NEWS

රනිල් මහින්දගේ සුවදුක් සොයා බලන්න කාල්ටන් යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේ දී මෙම හමුව සිදුව ඇති බවයි.

මෙහිදී තමන් සිරගත කළ අවස්ථාවේදී කළ කාර්ය භාර්ය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පළකර තිබෙනවා.

තවද කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සැප සනීප පිළිබඳව විමසා බැලීමට පියවර ගනු ලැබුවා.

Previous Article Next Article