×

Search News

LATEST NEWS

අයිස්වල‍ට වඩා දරුණු මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බව හෙළි වෙයි

අයිස් හෙවත් මෙතැම්ෆෙටමීන් මත්ද්‍රව්‍යයට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යයක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගියදා වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකදී සොයාගත් මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී ඇති බවයි.

වැලිගම පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී පසුගියදා මත්ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක් වටලා විදෙස් ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එම ස්ථානයේ දී තිබී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ උපකරණ සොයා ගනු ලැබූ අතර එහි සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මුලික පරීක්ෂණවලට අනුව හෙළිව ඇත්තේ එම ස්ථානයේ අයිස් මත්ද්‍රව්‍යවලට වඩා භායානක නව මත්ද්‍රව්‍යයක් බවයි.

මීට අදාළ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Previous Article Next Article