×

Search News

LATEST NEWS

Update - අර්ච්චුනාට ඇප

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට ඇප ලබා දී තිබෙනවා.

අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

පසුගියදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණි මන්ත්‍රීවරයා පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර ඇති අතර එම සිදුවීම සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

Previous Article Next Article