×

Search News

LATEST NEWS

රන්දෙණිගල ප්‍රදේශයේ බස් අනතුරකින් පුද්ගලයින් 12කට තුවාල

රන්දෙණිගල 36 වන සහ 37 වන කණුව අතර ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

අද (29) රාත්‍රියේ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් සමඟ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

බස් රථය මාර්ගයේ තිබූ ගල් වැටියක ගැටී අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා.

පොලීසිය සඳහන් කළේ බසයෙහි සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා කැන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

Previous Article Next Article