×

Search News

LATEST NEWS

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට විද්වත් කමිටුවක්

මෙරට යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙස ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම කමිටුවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පැවැති බවයි.

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අදාළව මුලික සැලසුම් සකස් කිරීම සම්බන්ධව සාකච්ඡා වී තිබෙනවා.

මෙහි මුලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් පසුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීමට නියමිත බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

අදාළ සාකච්ඡාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ රජිව් අමරසූරිය ඇතුළු පිරිසක් එක්ව සිට තිබෙනවා.

Previous Article Next Article