×

Search News

LATEST NEWS

ආයෝජකයෙකුට ලංකාවේ දීපු Residence Visa එක ජර්මනියට

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් තනි පුද්ගල ආයෝජන කටයුතු සඳහා එක්වන විදේශිකයන්ට Residence Visa ලබාදීමේ ක්‍රමය යටතේ ලියාපදිංචි වූ පළමු විදේශිකයා බවට ජර්මානු ජාතික ආචාර්ය පායි ඩ්‍රෙශල් මහතා පත්ව තිබෙනවා.

මේ අනුව ඊට අදාළ Residence Visa අවසරය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ඊයේ (01) ඔහු වෙත ප්‍රදානය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විසා නිකුත් කිරීම සිදුකර ඇත්තේ අංක 2360/24 හා 2023.11.27 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති සංශෝධිත ආගාමික හා විගාමික නියෝග යටතේ අනුමත තනි පුද්ගල ආයෝජක කාණ්ඩයට අදාලවයි.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්,

Previous Article Next Article