×

Search News

LATEST NEWS

රනිල් සහ නාමල් ඇතුළු විපක්ෂයේ නායකයන් අතර හමුවක්

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් සහ භෝජන සංග්‍රහයක් ඊයේ (02) රාත්‍රියේ දී කොළඹ පෞද්ගලික හෝටලයකදී පැවැත්වුණා.

මෙම හමුව සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමද විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ කැඳවීමකට අනුව මෙම හමුව පැවැත්වුණා.

ඒ සඳහා දේශපාලන පක්ෂ 25කට අධික සංඛ්‍යාවක් නියෝජය කරමින් නායකයින් සහභාගී වී සිටියා.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා, මහාචාර්ය ජී. එල්. පිරීස් මහතා මෙම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කර සිටියා.

විපක්ෂයේ මෙහෙයවීමෙන් කොළඹ දී මහජන රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබුණා.

ඊට අමතරව විපක්ෂයක් ලෙස ඒකාබද්ධව ඉදිරියේ දී ගනු ලබන ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව පක්ෂ නායකයින්ගේ අදහස් පළ වුණා.

Previous Article Next Article