×

Search News

LATEST NEWS

තැබු පියවර කිසිසේත්ම ආපසු හරවන්නේ නැහැ - ජනපති

නිත්‍යනුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂාව උදෙසා තැබූ පියවර ආපසු නොහරවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පූජෝත්සවයට එක්වෙමින්.

සමාජයට අලුත් හර පද්ධතියක් අවශ්‍යව ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

"එක පැත්තකින් ව්‍යවස්ථාවෙන් පිහිටවූ ආණ්ඩුවක් තියෙනවා. එතරම් බලවත් නොවුණත් මතුපිට ආණ්ඩුවේ සියලු අංග සහිත කළු පාලනයකුත් අපේ රටේ තියෙනවා. නීතියානුකූල පොලීසියක් තියෙනවා. කළු පාලනයටත් පොලීසියේ කට්ටියක් ඉන්නවා. දැන් අපි ඉන්නේ ද්විත්ව ආණ්ඩුකරණයේ. එකක් ජනතාව විසින් තෝරාපත් කරගත් ආණ්ඩුව. අනෙක අවිබලය විසින් නිර්මාණය කළ කළු පාලනය. අපි තීරණයක් ගත යුතුයි හාමුදුරුවනේ, එක්කෝ ඕන දෙයක් සිදුවුණාදේ කියලා කළු පාලනය තියෙද්දි අපේ පාලනය කරගෙන යන්න. එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූල පාලනය අතහැරලා අපි හැමෝම කළු පාලනයට යන්න ඕනේ. එහෙම නැත්නම් නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා කළු පාලනය අවසන් කළ යුතුයි. මම හිතනවා අපේ ආණ්ඩුව තෝරාගත්තේ ඒ පාර. ඒ සඳහා තැබු පියවර කිසිසේත්ම ආපසු අරන් නැති බව හාමුදුරුවන් වහන්සේලාට සපථ කරලා පවසනවා."

Previous Article Next Article