×

Search News

LATEST NEWS

මාර්ග හදන්න ගත්ත කෝටි 31000ක් හිරවෙලා

මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග ඉදිකිරීම සඳහා දේශීය බැංකුවලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 31000ක පමණ අධික ණය මුදල් ප්‍රමාණය ගෙවීම ලොකු අර්බුදයක් ඇතිව තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දෙමින් කියා සිටියේ මේ හේතුවෙන් එම ණය මුදල් ගෙවීමට අයවැයෙන් වෙන්කර ඇති රුපියල් කෝටි 3600 ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බවයි.

අදාළ පරිපූරක ඇස්තමේන්තුව එම කාරක සභාවේදී සලකා බැලීමෙන් පසුව අනුමත කෙරුණා.

Previous Article Next Article