×

Search News

LATEST NEWS

බැකෝ සමන්ගේ මස්සිනා පොලිස් අත්අඩංගුවට

අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන බැකෝ සමන් නැමැති පුද්ගලයාගේ මස්සිනා අද (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අද (04) පස්වරුවේ බියගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් බැකෝ සමන්ගේ සියලු මුල්‍ය කටයුතු පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ ඔහු සතුව තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 555ක්, පිස්තෝලයක් සහ මැගසිනයක් සොයාගෙන ඇති බවයි.

සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබනවා.

Previous Article Next Article