සජබය රංග දිසානායකගේ ධුරය ගැන ප්‍රශ්න කිරීමට තීරණය කරයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතාගේ පත්වීම පිළිබඳව සමඟි ජන බලවේගය ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතයි.
ඔහුගේ පත්වීමට අනුමැතිය ලබාදී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා යන මහත්වරුන් නියෝජනය කරන ව්‍යවස්ථා සභාවෙන් යැයි කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ප්‍රකාශය සැලකිල්ලට ගෙන මෙම පත් කිරීම පිළිබඳව කරුණු දැක්වීමට සමඟි ජන බලවේගය බලාපොරොත්තු වන බවයි.
වර්ථමාන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ රංග දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ කටයුතු කර ඇති බවට එහි හිටපු නායකයකු වන නන්දන ගුණතිලක මහතා පසුගියදා ප්‍රකාශ කළා.
මෙම ප්‍රකාශය සමඟ ඒ සම්බන්ධයෙන්ද සමාජයේ ආන්දෝලනයක් මතුවුණා.