×

Search News

LATEST NEWS

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් දැඩි තීරණයක්

සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (06) දින සිට තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා කියා සිටියේ මේ අනුව විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ සිදුකරන වැඩකටයුතු අද (06) සිට නතර කරන බවයි.

සිය ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවද ඔහු මෙහිදී සඳහන් කළා.

Previous Article Next Article