×

Search News

LATEST NEWS

රේගුවේ බහාලුම් සිද්ධිය ගැන විපක්ෂය විශේෂ කාරක සභාවක් ඉල්ලයි

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාවක් කථානායකවරයා වෙත භාරදී තිබෙනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඊයේ (07) එම යෝජනාව කථානායකවරයා වෙත භාරදී ඇති බව සඳහන්.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, වෛද්‍ය කවින්ද ජයවර්ධන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා එක්ව සිටියා.

Previous Article Next Article