×

Search News

LATEST NEWS

කොළඹ කාසල් වීදියේ ශුක්‍රාණු බැංකුවෙන් කාන්තාවන් 10 දෙනෙක් ගැබ් ගනී

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අලුතින් ස්ථාපිත කළ ශුක්‍රාණු බැංකුව හරහා මේ වන විට කාන්තාවන් 10 දෙනෙක් සාර්ථකව ගැබ්ගෙන ඇති බව වාර්තා වනවා.

එම රෝහලේ අධ්‍යක්ෂ අජිත් කුමාර දන්තනාරායන මහතා කියා සිටියේ දායකයන්ගේ රෝග කිහිපයක් සඳහා වන විධිමත් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ශුක්‍රාණු බැංකුව තුළ තැන්පත් කිරීම සිදුවන බවයි.

මෙම ශුක්‍රාණු බැංකුව ස්ථාපිත කර මේ වන විට මාස 6ක පමණ කාලයක් ගත වනවා.

ඉන්පසුව නැවතත් අදාළ පරීක්ෂණ සඳහා පියවරුන් කැඳවා එම පරීක්ෂණ හරහා ද නිරෝගී බව තහවුරු කර ගැනීමෙන් පසුව ශුක්‍රාණු තැන්පත් කිරීම සඳහා සුදානම් කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

අධ්‍යක්ෂකවරයා පවසන්නේ කෙසේ වෙතත් මෙම කාලය තුළ ශුක්‍රාණු තැන්පත් කර තැබීම සඳහා ලික්විඩ් නයිට්‍රජන් අවශ්‍ය වන බවත් ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුව ඇති බවත්ය.

තවද එම ශුක්‍රාණු පරිත්‍යාග කරන පියවරුන් නැවතත් මාස 3ට පසු පරික්ෂාවට පැමිණීමේ යම් දුර්වලතාවයක් පවතින අතර එය කඩිනමින් වළක්වා ගත යුතු බවද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Previous Article Next Article