පොලිස්පතිවරයා චීනයේ සංචාරයක
චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගී වීමට පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඊයේ (15) රාත්‍රියේ දී ඒ මහතා චීනය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සමුළුවේ දී පොලිස්පතිවරයා දේශනයක් පැවැත්වීමට නියමිත බවද සඳහන්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාළ සංචාරවය නිමකරමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ලබන 20 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිත බවයි.
මේ අනුව පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර තිබෙනවා.