×

Search News

LATEST NEWS

වතුකම්කරු වැටුප ඉහළ දමනවා - ජනාධිපති

මෙම වසරේ දී වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ බණ්ඩාරවෙලදී පැවැති කඳුකර මලයගම් ප්‍රජාවේ ප්‍රතිලාභීන් 2000ක් සඳහා නිවාසලාභී හිමිකම් පත් ප්‍රදානයේ කිරීමේ උත්සවයට එක්වෙමින්.

ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස 10000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සිව්වැනි අදියර යටතේ කඳුකර මලයගම් ප්‍රජාවට එම හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (12) පෙරවරුවේ බණ්ඩාරවෙල දී ආරම්භ වුණා.

මෙහිදී නිවාස හිමිකම් පත් ලබන ප්‍රතිලාභීන් 2000 දෙනා සංකේතවත් කරමින් හිමිපත්කම් ප්‍රදානය ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරුණා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,


'' මෙම මලයගම් ජන ප්‍රජාව විසින් ප්‍රබලතම වැඩ කොටසක් ඉටු කරනවා. ඒ වගේම අවුරුදු 202ක් ඔවුන් මියයමින් ජීවත් වෙනවා.. ඒ නිසා ආණ්ඩුවක් හැටියට වගකීමක් තියෙනවා ඔවුන්ට මූලික වුවමනාවන් සහ සැපවත් ජීවිතක් ලබා දෙන්න. එහිදී ක්ෂේත්‍ර කිහිපයක් ගැන අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඔවුන්ට නිවාසයක හිමිකම ලබා දීම රාජ්‍යක වගකීමක්. එමෙන්ම දෙවන කාරණය සාදාරණ වැටුපක් ලබා දීම.. දිගු කාලෙක ඉඳන් ඔවුන්ගේ ඉල්ලීමක් තියෙනවා 1,750ක වැටුපක් ලබා දෙන්න කියන එක. අපි කුමන ආකාරයකින් හෝ මේ වසර ඇතුළත එම හිමිකම ලබා දීමට කටයුතු කරනවා''

Previous Article Next Article