×

Search News

LATEST NEWS

තංගල්ල පොලීසියෙන් විමල්ට නැවත කැඳවීමක්

නැවත තංගල්ල පොලීසිය වෙත පැමිණි ප්‍රකාශයක් ලබාදෙන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට පොලීසිය දැනුම් දී තිබෙනවා.

ඊයේ (12) දිනයේ දී ඔහුට මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ ඉදිරි දිනකදී පොලීසියට පැමිණෙන බවයි.

මේ අතර “පුවක්දණ්ඩාවේ සනා” පුද්ගලයාගේ දේශපාලන සම්බන්ධතා සම්බන්ධ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට තමා ලබා දුන් ප්‍රකාශ විකෘති කර ප්‍රසිද්ධ කිරීම පිළිබඳව ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරන අතර අධිකරණ ක්‍රියාමාර්ග ද ගන්නා බව හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශ කළා.

Previous Article Next Article