×

Search News

LATEST NEWS

මේ ආණ්ඩුව ලියුම දෙන්නත් උත්සවයක් තියෙනවා - නාමල් රාජපක්ෂ

වතු නිවාස සඳහා හිමිකම් පත්‍ර මෙතෙක් ජනතාව වෙත තැපෑලෙන් යැවූ නමුත් වත්මන් ජනාධිපතිවරයා විශාල උත්සවයක් පවත්වා හිමිකම් පත්‍ර භාර දීමට කටයුතු කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (12) වැලිමඩ ප්‍රදේශයේදී පැවති දේශපාලන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වත්මන් ආණ්ඩුව හෝ පසුගිය ආණ්ඩුව විසින් නිවාස සාදා නොමැති බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

“ඇත්තටම ඔය දෙගොල්ලම ගෙවල් හදලා නෑ. තාම දෙන්නෙ හිමිකම් පත්‍ර විතරයි. මෙතෙක් කල් ඒක තැපෑලෙ ගියෙ. ඉතින් තැපෑලෙන් තමන්ට නිවසක් හිමි බවට තහවුරු කරලා යවපු ලියුම අතිගරු ජනාධිපතිතුමා අද ලොකු උත්සවයක් තියලා ඒ අයට බාරදෙනවා. ඒ කියන්නෙ ගෙයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා කියන ලියුම දෙන්නත් උත්සවයක් කරනවා. සිස්ටම් එක හොඳටම වෙනස් කරලා”

Previous Article Next Article