×

Search News

LATEST NEWS

කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට ඇප - විදෙස් ගමන් තහනමකුත් නිකුත් කරයි

පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ලව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් ඇප මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (16) නියම කළා.

ඉන්පසුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 5 බැඟින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවද නියම කළා.

විත්තිකරුවන්ට ඊයේ (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා භාරදෙනු ලැබුවා.

ඉන්පසුව විත්තිකරුවන් ඇප මත මුදා හැරීම පිළිබඳව නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ සඳහන් කළා.

මෙහිදී විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා විත්තියේ නීතිඥවරුන් විසින් දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර තිබුණා.

දෙපාර්ශවයේ විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කෙරුණා.

Previous Article Next Article