×

Search News

LATEST NEWS

රුසියානු තෙල් මිලදී නොගන්නා බවට ඉන්දියාව සහතික වුණා - ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉන්දියාව තවදුරටත් රුසියානු තෙල් මිලදී නොගන්නා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමන්ට සහතික වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ධවල මන්දිරයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් අමතමින්.

රුසියාවේ බලශක්ති ආදායම කපා හැරීම සඳහා වොෂින්ටනය ගෙන යන ප්‍රයත්නයන් තීව්‍ර කරමින් ඉන්දියාව රුසියානු බොරතෙල් මිලදී ගැනීම ගැන තමන් සතුටු නොවූ බවත් එය නවත්වන බවට මෝදි සහතික වූ බවත් ඔහු මෙහිදී පවසා සිටියා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් ඉන්දියාව තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

Previous Article Next Article