×

Search News

LATEST NEWS

නෙවිල් ලබන 31 වනදා දක්වා රිමාන්ඩ්

රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපල අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි මහතා ඔක්තෝබර් මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කරන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අල්ලස් කොමිසමට නියෝග කර ඇත්තේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වා ඉදිරි දිනකදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

Previous Article Next Article