×

Search News

LATEST NEWS

අගමැති හරිනි ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

ඉන්දීය නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුවීම සම්බන්ධව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ලැබීම තමන්ට සතුටක් වන බවයි.

මෙහිදී අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවොත්පාදනය, සංවර්ධන සහයෝගීතාව සහ ධීවරයින්ගේ සුභසාධනය ඇතුළු පුළුල් පරාසයක සාකච්ඡා සිදුකළ බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සටහනේ සඳහන් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා නිකුත් කර ඇති X පණිවිඩයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සමීප අසල්වැසියන් ලෙස අපගේ සහයෝගීතාවය දෙරටේ ජනතාවගේ සමෘද්ධිය මෙන්ම කලාපයේ සමෘද්ධිය සඳහා ඉමහත් වැදගත්කමක් ගනු ඇති බවයි.

Previous Article Next Article