×

Search News

LATEST NEWS

ලංකාව රග්බි තරඟාවලියකින් තෙවන ස්ථානය දිනා ගනී

2025 ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19) පස්වරුවේ සමත්වුණා.

කොළඹ තුරඟ තරඟ පිටියේ තෙවන ස්ථානය වෙනුවෙන් පැවැති තීරණාත්මක තරඟයෙන් චීනය 19 - 14ක් ලෙස පරාජය කරමින් ඔවුන් මෙම ස්ථානය දිනා ගනු ලැබුවා.

අවසන් පූර්ව වටය දක්වා අපරාජිතව පැමිණි ශ්‍රී ලංකා අවසන් පූර්ව තරඟයෙන් ප්‍රබල ජපානය හමුවේ ලකුණු 12 - 15ක් ලෙස පරාජය වීම හේතුවෙන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය වෙනුවෙන් ක්‍රීඩාකිරීමට සිදුවුණා.

Previous Article Next Article